සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වස් 2568 වැනි වෙසක් පුණ්‍ය මහෝත්සවය තේමා කරගනිමින් 2024.05.25 දින සිට 2024.05.28 දින දක්වා හම්බන්තොට වෙරළ උද්‍යානයේදී වෙසක් කලාපය පවත්වන ලද අතර පෙරහැර මංගල්‍යය 2024.05.29 දින හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය විසින් පවත්වන ලදි.

ඒ අනුව,

~2024.05.25 - වෙසක් කලාපය සමාරම්භය හා ප්‍රාදේශීය, දිස්ත්‍රික්, සමස්ත ලංකා මව් ගුණ, පියගුණ ගායනා තරඟ වලින් ජයග්‍රහණය ලැබූ දරුවන්ගේ මව් ගුණ, පියගුණ ගී හා බෞද්ධ ගී ගායන කුසලතා ඉදිරිපත් කිරීම.

~2024.05.26 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දූ දරුවන්ගේ බැති ගී සරණිය හා බෞද්ධ නාට්‍ය.

~2024.05.27 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන ලද වෙසක් බොදු බැති ගී සැඳෑව හා තරුණ සේවා අංශය නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද බෞද්ධ නාට්‍ය(දේව ධර්ම ජාතකය).

~2024.05.28 - හම්බන්තොට සංස්කෘතික බල මණ්ඩලයට අයත් වලව, අම්බලන්තොට සුපුන්සර කලායතනය මගින් ඉදිරිපත් කළ විශේෂ සංස්කෘතික සංදර්ශනය.

~2024.05.29 - හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය විසින් හම්බන්තොට නිම්භාරාම පුරාණ විහාරයේ සිට හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරස්ථානය දක්වා පවත්වන ලද වෙසක් පෙරහැර මංගල්‍යයෙන් සමාප්තිය සනිටුහන් කරන ලදී...

මෙම වෙසක් කලාප පරිශ්‍රයෙහි හම්බන්තොට මහ නගර සභාව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් දර්ශනීය පහන් කූඩු  ප්‍රදර්ශනය කල අතර  සෑම දිනකම රාජ්‍ය ආයතන, ස්වෙච්චා සංවිධාන  හා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව විසින් දන්සල් ද පවත්වන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට මහ නගර සභාව, හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය ඇතුළු අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව පවත්වන ලද මෙම වෙසක් කලාපය සංවිධානය කිරීමට හා සාර්ථක කරගැනීමට සහය දුන් ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය.

 

12341017404142

උරුමය වැඩ සටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිසිලසගම, මානජ්ජාව හා ගොඩවාය යන ග්‍රාම නිලධාරී වසම් වල ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කොට හදුනාගත් බලපත්‍ර හා දීමනාපත්‍ර ලාභීන් සදහා නිදහස් දීමනාපත්‍ර සකස් කිරීමට අදාලව ලේඛන බාර ගැනීමේ වැඩසටහනක්  හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ ප්‍රධානත්වයෙන්, හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඉඩම් අංශයේ  නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2024/05/22 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. 

මෙම වැඩසටහන සදහා බලපත්‍ර /දීමනාපත්‍ර ලාභීන් 200 කට ආසන්න ප්‍රමාණයක් සහභාගීවූ අතර මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීමට සහය දුන් හම්බන්තොට සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරීන් වෙත තුති පුදමි !

 

WhatsApp Image 2024 05 26 at 13.08.52 1cc616ffIMG 20240526 WA0004IMG 20240526 WA0003IMG 20240526 WA0005

සින්නක්කර ඔප්පු ලබාදීමේ ජාතික වැඩසටහන

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්.විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගෙ අත්කම් නිශ්පාදන අපනයන වෙලදපොලට ගැලපෙන ආකාරයෙන් නිශ්පාදනය කිරිමට අවශ්‍ය තාක්ෂණික දනුම ලබා දිම හා නිශ්පාදන  මිලදි ගැනිම 2024-05-06 දින ලක් ආකේඩ් ආයතනය සහභාගිත්වයෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.

ඒ සඳහා ලක් ආකේඩ් ආයතනයේ උපදේශක ධම්මික ජයවර්ධන මහතා හා එම ආයතනයේ තත්ත්ව පරීක්ෂක නිලධාරීන් තිදෙනකුගේ සහභාගිත්වයෙන් හා ව්‍යවසාය සංවර්ධන නිලධාරී, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නිලධාරි, අපනයන සංවර්ධන නිලධාරී, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් සහ කොට්ඨාසයේ ව්‍යවසායකයින් සම්බන්ධ විය.

එදිනම, ලක් ආකේඩ් ආයතනය මගින් රුපියල් 85000 ක භාණ්ඩ ව්‍යවසායකයින්ගෙන් මිලදී ගැනීමද සිදුවිය.

 

IMG 20240507 WA0043IMG 20240507 WA0019IMG 20240507 WA0025

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව 2024.03.19 දින පවත්වන ලද සංගීත චිකිත්සක වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පරිපාලන නිලධාරීතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමා ඇතුළු කාර්යාලීය නිලධාරීන් හා සංස්කෘතික බල මණ්ඩලය, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය, ආයුර්වේද සංස්කෘතික සභාව හා දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ විය.

23141617IMG 20240319 WA0012IMG 20240319 WA0011IMG 20240319 WA0013IMG 20240319 WA0015IMG 20240319 WA0017IMG 20240319 WA0010

News & Events

02
Jan2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
Dec2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top