ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වූ බහුආංශික වැඩසටහන හම්බන්කොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් කීපයක ක්‍රියාත්මක කරන ලදී. ඒහිදී,
- 2022/10/03 දින කොහොළංකල වසමේ හ/උඩමළල මහා විද්‍යාලයේ ළමුන් සඳහා ග්‍රාමීය පුනර්ජීවන කමිටුව විසින් කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/11 දින සාමෝදාගම වසමේ සමනල පෙර පාසලේ ළමුන් සඳහා සමෘද්ධි සමිතිය මඟින් කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/13 දින පල්ලෙමලල වසමේ දින හ/පල්ලෙමලල විද්‍යාලයේ ළමුන් සඳහා පුද්ගලික ආයතනයක අනුග්‍රහය යටතේ බිත්තර ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/14 දින මිරිජ්ජවිල වසමේ සුදර්ම පෙරපාසලේ ළමුන් සඳහා කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/14 දින මිරිජ්ජවිල වසමේ සමඟි පෙරපාසලේ ළමුන් සඳහා දින කිරි වීදුරුවක් ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/14 දින වලව වසම තුළ තිබෙන ජූල්පල්ලම රන්මුතු පෙර පාසලේ ළමුන් සඳහා කැඳ සහ දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/14 දින මිරිජ්ජවිල වසමේ වයෝවෘද්ධ වැඩිහිටියන්ට හා ගර්භණී මව්වරු සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/19 දින සිරිබෝපුර වසමේ රොටරි ප්‍රාථමික විද්‍යාලයේ සියලුම ළමුන් සඳහා කොළකැඳ,කුරක්කන් කැඳ,සව්,සුප් ආදිය ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/25,26,27,28 යන සියලුම දිනයන්හි දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලට සහ ගල්ඇන්ද පෙර පාසලේ සියලූම ළමුන් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/25 දින දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලේ ළමුන් සඳහා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/25 දින දෙහිගහලන්ද වසමේ ගල්ඇන්ද පෙර පාසලේ ළමුන් සඳහා කුරක්කන් කැඳ ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/26 දින දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලේ ළමුන් සඳහා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක්
- 2022/10/27 දින දෙහිගහලන්ද වසමේ බොරළුකන්ද සමනල පෙර පාසලේ ළමුන් සඳහා කිරිබත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින්
වාර්ෂිකව සංවිධානය කරනු ලබන
ලේ දන් දීමේ කදවුර
2022 අගෝස්තු 31 වන දින
සාර්ථකව පැවැත්විණි.
මේ සදහා සහයෝගය දැක්වූ සැමට
අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.


රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත කරනු ලබන විශේෂ නිවේදනය...
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර ඔබ වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සහතික පිටපතක් මාස 06ක කාල සීමාවකින් පසුව අවලංගු නොවන අතර ඕනෑම කාල සීමාවක් සඳහා වලංගු වේ. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන ආයතන වෙත නිල වශයෙන් දැනුම් දී ඇති බැවින් ඔබ වෙත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති පැහැදිලි සහතික පිටපතක් පවතී නම් නැවත නව පිටපතක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නොවන බව මෙයින් දන්වා සිටීම්,යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ හා මරණ ලේඛනයක සංශෝධන සිදුකර ඇත්නම් පමණක් සංශෝධිත නව පිටපතක් ඉදිරිපත් කිරීම කළ යුතුය.
රෙජිස්ට්‍රාර් ජනරාල්,
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව


හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දීමේ වැඩසටහන
හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දීමේ වැඩසටහන 2022.02.14 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.
මෙහිදී චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහල, හම්බන්තොට මාගම් රුහුණු උරුම කෞතුකාගාරය යන ආයතන සඳහා පැවරුම් සහතික පිරිනැමීම මෙන්ම දීමනාපත්‍ර මෙහිදී චමල් රාජපක්ෂ ආයුර්වේද රෝහල, හම්බන්තොට මාගම් රුහුණු උරුම කෞතුකාගාරය යන ආයතන සඳහා පැවරුම් සහතික පිරිනැමීම මෙන්ම දීමනාපත්‍ර ලාභීන් 64 දෙනෙකුට සහ බලපත්‍ර ලාභීන් 209 දෙනෙකුටත් එම දීමනාපත්‍ර සහ බලපත්‍ර ලබා දීම මෙදින සිදු කරන ලදි.
වාරිමාර්ග අමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් , වාරිමාර්ග අමාත්‍ය රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් , හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මියගේ මෙහෙයවීමෙන් , හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හා හම්බන්තොට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති හම්බන්තොට දිස්ත්‍රික් පා.ම. ගරු වෛද්‍ය උපුල් ගලප්පත්ති මැතිතුමන් ,හම්බන්තොට දිස්ත්‍රික් පා.ම. ගරු අජිත් රාජපක්ෂ මැතිතුමන් , ගරු නියෝජ්‍ය නගරාධිපතිතුමන් , ගරු ප්‍රාදේශීය සභා සභාපතිතුමන්,හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමනසේකර මහතාගේත් , පළාත් ඉඩම් කොමසාරිස් කේ.යූ.චන්ද්‍රලාල් මහතාගේත් , ඉඩම් කොමසාරිස් කේ .ජී .ජී. සුමිත් ශාන්ත මහතාගේත් සහභාගිත්වයෙන් මෙම ප්‍රදානෝත්සවය පැවැත්විනි.































