සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වස් 2568 වැනි වෙසක් පුණ්‍ය මහෝත්සවය තේමා කරගනිමින් 2024.05.25 දින සිට 2024.05.28 දින දක්වා හම්බන්තොට වෙරළ උද්‍යානයේදී වෙසක් කලාපය පවත්වන ලද අතර පෙරහැර මංගල්‍යය 2024.05.29 දින හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය විසින් පවත්වන ලදි.
ඒ අනුව,
~2024.05.25 - වෙසක් කලාපය සමාරම්භය හා ප්‍රාදේශීය, දිස්ත්‍රික්, සමස්ත ලංකා මව් ගුණ, පියගුණ ගායනා තරඟ වලින් ජයග්‍රහණය ලැබූ දරුවන්ගේ මව් ගුණ, පියගුණ ගී හා බෞද්ධ ගී ගායන කුසලතා ඉදිරිපත් කිරීම.
~2024.05.26 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දූ දරුවන්ගේ බැති ගී සරණිය හා බෞද්ධ නාට්‍ය.
~2024.05.27 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන ලද වෙසක් බොදු බැති ගී සැඳෑව හා තරුණ සේවා අංශය නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද බෞද්ධ නාට්‍ය(දේව ධර්ම ජාතකය).
~2024.05.28 - හම්බන්තොට සංස්කෘතික බල මණ්ඩලයට අයත් වලව, අම්බලන්තොට සුපුන්සර කලායතනය මගින් ඉදිරිපත් කළ විශේෂ සංස්කෘතික සංදර්ශනය.
~2024.05.29 - හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය විසින් හම්බන්තොට නිම්භාරාම පුරාණ විහාරයේ සිට හම්බන්තොට සිරිබෝපුර ශ්‍රී ජයබෝධි විහාරස්ථානය දක්වා පවත්වන ලද වෙසක් පෙරහැර මංගල්‍යයෙන් සමාප්තිය සනිටුහන් කරන ලදී...
මෙම වෙසක් කලාප පරිශ්‍රයෙහි හම්බන්තොට මහ නගර සභාව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනය කල අතර සෑම දිනකම රාජ්‍ය ආයතන, ස්වෙච්චා සංවිධාන හා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව විසින් දන්සල් ද පවත්වන ලදී.
හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට මහ නගර සභාව, හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සංගමය ඇතුළු අනිකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව පවත්වන ලද මෙම වෙසක් කලාපය සංවිධානය කිරීමට හා සාර්ථක කරගැනීමට සහය දුන් ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය.
























