හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2023.12.22 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
කාර්යාලීය නිලධාරින්ගේ ප්‍රාසාංගික හැකියාවන් හා දක්ෂතාවයන්ගෙන් යුත් අලංකාර ගායන, නර්තනය හා නාට්‍ය අංග ගණනාවකින් සමන්විත වූ මෙම අවස්ථාව දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මිය, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ එම්.කේ.ප්‍රදීප් කුමාර මහතා හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
තවද මෙම වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.












හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ “ලේ බිඳක් දන් දී ජීවිතයක් රැකගමු” ලේ දන්දීමේ කඳවුර හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයෙන් හා හම්බන්තොට ලීඩ්ස් ආයතනයේ සහයෝගයෙන් සැප්තැම්බර් 19 වන අඟහරුවාදා දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී









පොසොන් කලාපය හා පෙරහැර මංගල්‍යය 2023.06.04 සමාරම්භය සනිටුහන් කළ අතර 2023.06.08 වන දිනෙන් අවසන් කරන ලදී. ඒ අනුව,
2023.06.04 - පොසොන් කලාපය සමාරම්භය
2023.06.05 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දූ දරුවන්ගේ බෞද්ධ නාට්‍ය හා බැති ගී සරණිය
2023.06.06 - රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී හා බෞද්ධ නාට්‍ය
2023.06.07 - හම්බන්තොට සංස්කෘතික බල මණ්ඩලයට අයත් වල සුපුන්සර කලායතනය මගින් ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශනය
2023.06.08 - හම්බන්තොට තරුණ බෞද්ධ සංගමයේ පැවැත්වු පොසොන් පෙරහැර මංගල්‍යයෙන් සමාප්තිය සනිටුහන් කරන ලදී.
මෙම පොසොන් කලාප පරිශ්‍රයෙහි රාජ්‍ය ආයතන හා ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් පහන් කූඩු ප්‍රදර්ශනය කල අතර සෑම දිනකම රාජ්‍ය ආයතන, ස්වෙච්චා සංවිධාන හා වෙළෙඳ සංගමය විසින් දන්සල් ද පවත්වන ලදී.
මෙම කටයුතු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට තරුණ බෞද්ධ සංගමය හා වෙළෙඳ සංගමය විසින් අනිකුත් රාජ්‍ය ආයතන වල හා ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව සංවිධානය කරන ලද අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් සැමට අපගේ ගෞරවනීය ස්තුතිය.






















අත්කම් හා නව නිපැයුම් තුළින් හෙට දින ලොව ජයගන්නා ව්‍යවසායකයින්ට, මංපෙත් විවර කරන්නට, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ව්‍යවසායකත්ව සේවා පියස විවෘත කිරීම 2023 අගෝස්තු මස 16 වන දින පෙ.ව 10.00 ට ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්, හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.
ඊට සමගාමීව, දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද පැවැත්වූ අතර, මෙම අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් තුමා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් තුමිය අතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.
මෙහිදී ව්‍යසායකත්ව සංවර්ධන නිලධාරි, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි, විදාතා සම්පත් නිලධාරි, අපනයන සංවර්ධන නිලධාරි, මානව සම්පත් සංවර්ධන නිලධාරි, නිපුණතා සංවර්ධන නිලධාරි සහ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නිලධාරීන් හමු වී ඔබගේ සේවා අවශ්‍යතාවයන් සපුරා ගත හැකිය.


















උතුම් වූ සම්බුදු තෙමගුල වෙනුවෙන් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් විසින් සංවිධානය කළ " බැති ගී සරණිය " වැඩසටහන 2023.05.04 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි..



























