පොසොන් කලාපය හා පෙරහැර මංගල්‍යය 2023.06.04 සමාරම්භය සනිටුහන් කළ අතර 2023.06.08 වන දිනෙන් අවසන් කරන ලදී. ඒ අනුව,
2023.06.04 - පොසොන් කලාපය සමාරම්භය
2023.06.05 - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් දූ දරුවන්ගේ බෞද්ධ නාට්‍ය හා බැති ගී සරණිය
2023.06.06 - රාජ්‍ය ආයතන ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී හා බෞද්ධ නාට්‍ය
2023.06.07 - හම්බන්තොට සංස්කෘතික බල මණ්ඩලයට අයත් වල සුපුන්සර කලායතනය මගින් ඉදිරිපත් කළ සංස්කෘතික සංදර්ශනය
2023.06.08 - හම්බන්තොට තරුණ බෞද්ධ සංගමයේ පැවැත්වු පොසොන් පෙරහැර මංගල්‍යයෙන් සමාප්තිය සනිටුහන් කරන ලදී.
මෙම පොසොන් කලාප පරිශ්‍රයෙහි රාජ්‍ය ආයතන හා ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් පහන් කූඩු ප්‍රදර්ශනය කල අතර සෑම දිනකම රාජ්‍ය ආයතන, ස්වෙච්චා සංවිධාන හා වෙළෙඳ සංගමය විසින් දන්සල් ද පවත්වන ලදී.
මෙම කටයුතු හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හම්බන්තොට තරුණ බෞද්ධ සංගමය හා වෙළෙඳ සංගමය විසින් අනිකුත් රාජ්‍ය ආයතන වල හා ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ඇතිව සංවිධානය කරන ලද අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සහය දුන් සැමට අපගේ ගෞරවනීය ස්තුතිය.




































