2022.12.27 වන දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වනු ලැබු වාර්ෂික විවධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වු ඔබ සියලු දෙනාට මාගේ ස්තූතිය පුද කරමි.










තම්මැන්නාව විදුලිවැට විවෘත කිරීම 2022.11.22 දින හම්බන්තොට වරාය සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකරණ මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් තුමිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,තල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ තම්මැන්නාව ගම්වාසී ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය සදහා මුල්‍යමය දායකත්වය හම්බන්තොට ජාත්‍යන්නර වරාය සමූහය මඟින් ලබාදේ.
මෙදින විදුලිවැටට සමාන්තරව ජීව වැටක් ලෙස තල්වැටක් නිර්මාණය සදහා තල් බීජ රෝපණය කිරිම සිදු විය.













ආරක්ෂාකාරී ලෙස විදේශ රැකියාවකට පිටත් වන්නේ කෙසේද සහ විදේශ රැකියා වෙළඳපොලේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.19 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


හම්බන්තොට ප්‍රජා විශෝධන කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව පැවැත්වූ "මත් නිවාරණය හා ගීත රසවින්දන වැඩසටහන" 2022.11.02 දින පෙ.ව.9.30 සිට ප.ව.1.30 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.
මේ සදහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් නිශාන්ත ඉන්දික මහතා සහ ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී නිශ්ශංක රාජපක්ෂ මහතා සහභාගී විය.

ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වූ බහුආංශික වැඩසටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මානජ්ජාව, කෑලියපුර, සිරිබෝපුර යන ග්‍රාම නලිධාරි වසම්වල පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙි වැඩසටහන් 2022/10/19, 20, 25 යන දිනයන්හීදී පවත්වන ලදි.















