සෞඛ්‍ය අමාත්‍යංශයේ දේශීය වෛද්‍ය අංශය, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය හා හම්බන්තොට ආයුර්වේද සංරක්ෂණ සභාව එක්ව සංවිධානය කරන ලද දේශීය ආහාර ප්‍රවර්ධනය හා වෙළෙඳ ප්‍රදර්ශනය 2024 නොවැම්බර් මස 20 වන දින සාර්ථකව පවත්වන ලදී.
මේ සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් තුමා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්, පරිපාලන නිලධාරී තුමිය, දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් තුමිය ඇතුළු දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු නිලධාරින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, හම්බන්තොට සහ වීරකැටිය ආයුර්වේද සංරක්ෂණ සභා පාරම්පරික වෛද්‍යවරුන් හා හම්බන්තොට දිස්ත්‍රික් දේශීය වෛද්‍ය අංශයේ සංවර්ධන නිලධාරින් සහභාගී විය. මෙම ප්‍රදර්ශනය නැරඹීම සදහා පාසල් දරු දැරියන්, පෙරපාසල් දරු දැරියන්, කාර්යාල නිලධාරින් හා ප්‍රජාව සහභාගී විය.

























